විදුලි ගාස්තු වැඩි කිරීමට අනුමැතිය ලැබෙයි! – අද සිට ක්‍රියාත්මකයි!

 විදුලි ගාස්තු වැඩි කිරීමට අනුමැතිය ලැබෙයි! – අද සිට ක්‍රියාත්මකයි!

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ බහුතර සාමාජිකයන්ගේ අනුමැතියෙන් විදුලි ගාස්තු 66% කින් වැඩි කිරීමට තීරණය වී තිබේ.

එහිදී මහජන උපයෝගිතා කොමිසම විසින් 36%කින් ගාස්තු වැඩි කිරීමට යෝජනා කළත් තමාගේ දැඩි විරෝධය මැද සෙසු සාමාජිකයන් තුන්දෙනා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ 66%කින් මිල ඉහළ නැංවීමේ යෝජනාවට අනුමැතිය පළකල බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මෙම ගාස්තු නැංවීමත් සමග ඒකක 90 ට අඩුවෙන් පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ ගාස්තු වැඩිවීම 250%ක් දක්වා ඉහළ යන බව ද හෙතෙම පැවසීය.

මෙම ගාස්තු වැඩි කිරීම අද දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

Newspedia 02

Related post