බදුල්ලේ ඩොක්ටර් කෙනෙක් මත් කරල් විකුණා..!

 බදුල්ලේ ඩොක්ටර් කෙනෙක් මත් කරල් විකුණා..!

බදුල්ල මහ රෝහලට අනුයුක්ත 44 හැවිරිදි වෛද්‍යවරයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පාසල් සිසුන් අතර මත් කරල් අලෙවි කිරීමේ චෝදනාව සඳහා ය.

පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඒ අනුව පස්සර කඳවුරට අනුයුක්ත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් බදුල්ල ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

වලංගු බලපත්‍රයක් නොමැතිව වෛද්‍යවරයා සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය මිශ්‍ර කරල් 145ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ.

වැඩිදුර විමර්ශන සඳහා ඔහු බදුල්ල පොලිසියට භාරදී ඇත.

Newspedia 01

Related post