දෙමටගොඩ සජබ කාර්යාලයට ප්‍රහාරයක්! – ජනපතිගේ වැඩක් බවට චෝදනා!

අද (15) අලුයම දෙමටගොඩ සමගි ජන බලවේගයේ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මේ පිළිබඳව මුජිබර් රහුමාන් මහතා පවසා සිටියේ කිහිපදෙනෙක් කඩා පැන කාර්යාලයේ තිබු ප්‍රචාරක පුවරුවලට දැඩි ලෙස හානි කර ඇති බවයි.
සමගි ජන බලවේගයට තරග කරන අපේක්ෂකයින් බියවද්දා කාර්යාල විනාශ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් යොදවමින් අලුත් සංස්කෘතියක් නිර්මාණය කර ඇතැයි ද මුජිබර් රහුමාන් මහතා චෝදනා කර සිටියේය.