අපි දිනේ කියන්නම්! – පාරට බහින්ඩ ලෑස්ති වෙන්න!

ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව පාරට බැසීමට සියලු දෙනාම සූදානම් විය යූතු බවත්, ඒ සදහා වූ දිනය ඉදිරියේදී සැලසුම් කොට ප්‍රකාශයට පත් කරන බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් ඔහු කියා සිටියේ මෙම ප්‍රශ්නය මහ පාරෙදි බේරා ගැනීමට සූදානම් බවත් එදිනට සියලු දෙනා පාරට බැසීමට සූදානම් වන ලෙසයි.
ජාතික ජනබලවේග රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
https://www.facebook.com/watch/?ref=external&v=1836050293436433