1912 දී හඳුන්වාදුන් සුරාබදු පනත සංශෝධනය කිරීමට අනුමැතිය!

 1912 දී හඳුන්වාදුන් සුරාබදු පනත සංශෝධනය කිරීමට අනුමැතිය!

1912දී හඳුන්වාදුන් මේ වනවිට වසර 111 ක් පැරණි මෙරට සුරාබදු පනත වෙනුවට නව සුරාබදු පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම වර්තමානයට ගැළපෙන පරිදි සකස් කිරීමේ අරමුණ ඇතිව මෙම වෙනස් කිරීම සිදු කරන බව පැවසේ.

අදාළ යෝජනාව 2022 අතුරු අයවැය මගින් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර ඒ අනුව එකී කාරනාව සඳහා නීති පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එම යෝජනාව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළේය.

Newspedia 02

Related post