හමුදා බුද්ධි අංශ වෙඩි පහරින් 25 හැවිරිදි මවක් මරුට! – CCTV

 හමුදා බුද්ධි අංශ වෙඩි පහරින් 25 හැවිරිදි මවක් මරුට! – CCTV

බොරැල්ලේ, වනාතමුල්ල, තල්ගස්වත්ත ප්‍රදේශයේ වෙඩි වැදීමකින් 25 හැවිරිදි දෙදරු මවක් මියගොස් තිබේ.

ඇයගේ පපුවට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා ඊයේ (13) රාත්‍රියේ මත්කුඩු ජාවාරම් සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට එම ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී ඇති වූ සිදුවීමකදී වෙඩි වැදීමක් සිදුව ඇති අතර එහිදී මෙම කාන්තාව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී රාජකාරිය ගිනි අවි දෙක ද පොලිස් බාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ CCTV වීඩියෝව මේ වනවිට මාධ්‍යට නිකුත්කර තිබේ.

Newspedia 02

Related post