භාණ්ඩ වර්ග කිහිහිපයක් රට තුළ නිෂ්පාදනය තහනම් කරයි!

 භාණ්ඩ වර්ග කිහිහිපයක් රට තුළ නිෂ්පාදනය තහනම් කරයි!

නිෂ්පාදන වර්ග කිහිපයක් රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය ජුනි මස 01 වනදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පාලනය කිරීමට අදාළව විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ අනුව මෙම තීරණයට එළඹ තිබේ.

ඒ අනුව මෙමගින් තහනම් කෙරෙන එක් වරක් පමණක් භාවිත කරනු ලබන නිෂ්පාදන වර්ග මෙසේයි…

  • ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ
  • ප්ලාස්ටික්වලින් නිර්මිත යෝගට් හැඳි
  • වරක් භාවිත කර ඉවතලන පිඟන්
  • කෝප්ප (යෝගට් කෝප්ප හැර)
  • හැඳි
  • ගෑරුප්පු සහ පිහි
  • ප්ලාස්ටික් මල් මාලා
  • ප්ලාස්ටික්වලින් නිර්මිත ඉඳිආප්ප වට්ටි

Newspedia 02

Related post