ප්‍රභාකරන්ගේ මරණය DNA වලින් තහවුරු වුණා! – නෙදුමාරන්ගේ ප්‍රකාශය විහිළුවක්! – ආරක්ෂක අමාත්‍යාංශය

පසුගියදා ලෝක දෙමළ සංවිධානයේ සභාපති පී. නෙදුමාරන් තමිල්නාඩුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට සිදුකළ ප්‍රකාශය අසත්‍යක් බව මෙරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සඳහන් කළේ අදාළ ප්‍රකාශ විහිළු සහගත බවය.
පී. නෙදුමාරන් ප්‍රකාශ කර ඇත්තේ නුදුරේදීම දෙමළ ජාතියේ විමුක්තිය උදෙසා ප්‍රභාකරන් ඉක්මනින්ම ජනතාව අතරට පැමිණෙනු ඇති බවය.
කෙසේවෙතත් අදාළ ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත් වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය බවට DNA පරීක්ෂණයකින් ද තහවුරු වී ඇති බව කර්නල් නලින් හේරත් මහතා සදහන් කරයි.
හිටපු LTTE සාමාජිකයින් වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ දයා මාස්ටර් ද ප්‍රභාකරන්ගේ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු මිය ගිය බවට තහවුරු කළ බව ද කර්නල් නලින් හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.