නිවසේ ගංජා වගා කළ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට!

 නිවසේ ගංජා වගා කළ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට!

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු කඩුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ එම පොහොට්ටු අපේක්ෂකයාගේ නිවසේ තිබී අඩි 4 ක් පමණ උසින් යුත් ගංජා පැළ කිහිපයක් සොයාගැනීමත් සමඟිනි.

ඔහු කඩුගන්නාව නගර සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයෙකු වන අතර මෙවර පළාත් පාලන මැතිවරණයට ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටී.

ඔහුගේ ගෙවත්තේ මල් පෝච්චිවල මෙම ගංජා පැළ සිටුවා තිබියදී සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේය.

Newspedia 02

Related post