තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්යයි!

 තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්යයි!

මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයනත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම එළඹෙන 22,23,24 යන දිනයන් වලදී සිදු කිරීමට තිබුණද එම දිනයන් වලදී තැපැල් ඡන්ද පැවැත්වීමට නොහැකි තාවයක් මතුව ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

එයට හේතු වී ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා යොමු කිරීම සඳහා දින නියම කර ගෙන සිටි හෙට (15) දිනයේදී නොවැළැක්විය හැකි හේතූන් මත ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නොහැකි වීම නිසා බව කොමිසම් පවසයි.

ඒ අනුව, තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පසුව දැනුම්දෙන බවද එම නිවේදනයෙන් සඳහන් කරයි.

Newspedia 02

Related post