ඡන්දය ගැන පැය 24 න් තීරණයක් ඉල්ලයි! – මුදල් ලේකම්ව ප්‍රශ්න කරන්න කියයි!

 ඡන්දය ගැන පැය 24 න් තීරණයක් ඉල්ලයි! – මුදල් ලේකම්ව ප්‍රශ්න කරන්න කියයි!

පැය 24 ක් ඇතුළත පළාත් පාලන මැතිවරණය පවත්වන්නේද? නැද්ද? යන්න පිළිබඳව දැනුම් දෙන ලෙස දේශපාලන පක්ෂ රැසක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මැතිවරණය පිළිබඳව තීරණයක් ගැනීමට අද දින සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳව පවත්වන ලද සාකච්ජාවේදී මෙම ඉල්ලීම සිදුකර තිබේ.

එමෙන්ම මේ පිළිබඳව නිසි තීරණය ගැනීම සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාව කැඳවා ප්‍රශ්න කිරීමක් සිදුකල යුතු බවට එහිදී යෝජනාවී තිබේ.

මෙහිදී මැතිවරණය පැවැත්වීම කොමිෂන් සභාවේ නිශ්චිත තීරණය බැවින් ඇති වී තිබෙන අභියෝගයන් විසඳා ගැනීමට තවදුරටත් උත්සාහ දරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවටය පක්ෂ ලේකම්වරුන්ට පවසා තිබේ.

එමෙන්ම මැතිවරණය කල් දැමීමට කොමිෂන් සභාවේ කිසිදු අදහසක් නොමැති බවත් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අද (14) දින කොමිෂන් සභාව තීරණයක් ගෙන නිවේදනය කරන බවට පක්ෂ ලේකම්වරුන්ට දන්වා තිබේ.

Newspedia 02

Related post