අපි ඡන්දෙට මෙච්චර වියදම් කරන්නෙ කොහොමද කියලා ළඟදිම කියන්නම්!

 අපි ඡන්දෙට මෙච්චර වියදම් කරන්නෙ කොහොමද කියලා ළඟදිම කියන්නම්!

තමන් මෙතරම් මුදලක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කරන්නේ කෙසේද යන්න කඩිනමින් හෙළිකරන බව ජාතික ජන බලවේගය පවසයි.

එම අරමුදල් හි විනිවිදභාවය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ නියෝජිතයන් වෙතින් නැගෙන ප්‍රශ්න හමුවේ ඔවුන් මෙසේ ප්‍රකාශයක් සිදු කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රශ්න මතු කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි මන්ත්‍රීවරුන් පළමුව තම මුදල් ගැන සොයා බැලිය යුතු බවය.

ජාතික ජන බලවේගය වගකීම් සහගත පක්ෂයක් බැවින් කඩිනමින් තමන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මූල්‍ය වියදම් සම්බන්ධ ලියකියවිලි මහජනතාව වෙත ඉදිරිපත් කරන බව හඳුන්නෙත්ති වැඩිදුරත් සඳහන් කළේය.

Newspedia 01

Related post