විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමයි!

ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල හරහා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබේ.
ඒ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල මෙහෙයුම් පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බවට වාර්තා වේ.
එම දෝෂය නිවැරදි කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු යොදා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල පවසයි.
මේ අතර එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ එක්දින සේවය හරහා විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති පුද්ගලයින් සඳහා එම බලපත්‍ර ස්පීඩ් පෝස්ට් හරහා ලබාදීම සඳහා කටයුතු යොදා ඇති බවය.