ඩයනා ගෙන් , අධි සංවේදී හබරණ කැලේ Electronic music festival එකක්!

මේ මස 17 වනදා සිට 19 වනදා දක්වා හබරණ ඝන කැලෑව තුල cultural festival එකක් ලෙස හදුන්වාදී “jungle electronic music festival” පැවැත්වීමට දිසා වන කාර්යාලය අවසර දී ඇති බවට National Alert සංවිධානය චෝදනා කරයි.
හබරණ ව්‍යාපාරිකයෙකු වන සුමුදු සමන් නම් ව්‍යාපාරිකයෙකු මැදිහත් වීමෙන් පැවැත්වීමට නියමිත මෙම Deep jungle music festival එක සඳහා සංචාරක ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේද අනුදැනුම ලැබී ඇති බවට චෝදනා එල්ල වේ.
ලෝකයේ කිසිම රටක් රක්ෂිත වනාතර තුල හෝ සංවේදී පරිසර කලාප තුල electronic music festival නොපවත්වන අතර එයට හේතු වන්නේ ඉලෙක්ට්‍රොනික සංගීතය, ඩිජිටල් උපකරණ සහ පරිපථ වලින් නිපදවන අධිබලැති ස්වර සංයෝගයන එම කලාප තුළ සිටින සතුනට හානිදායක වන බැවිනි.
මිනිසුන්ගේ ශ්‍රවණ පරාසය 20Hz-20000Hz ලෙස දැක්වෙන නමුත් සතුන්ගේ ශ්‍රවණ පරාසය ඊට අධික වන බැවින් මෙවැනි electronic music සංඛ්‍යාත සතුන්ගේ අධි සංවේදී ශ්‍රවණ පරාසයට හානිදායක වන බව ඔවුන් පෙන්වා දෙයි.
GSP සහනය ලබා දීමට නම් පරිසරය සහ වනසතුන්ගේ වාසභූමි ආරක්ෂා කළ යුතු බවට ලංකාවට එරෙහිව යුරෝපා පාර්ලීමේන්තුවේ යෝජනාවක් පවා සම්මත කොට ඇති අවස්ථාවක මෙම Deep jungle music festival එක හරහා එම කොන්දේසි මුළුමනින්ම නොසලකා හැරීමක් වන බව National Alert සංවිධානය පෙන්වා දෙයි.
එමෙන්ම National Alert සංවිධානය ඊයේ දිනයේ මේ පිලිබදව යුරෝපා පාර්ලීමේන්තුවට කරුණු දැක්වීමට සැලසුම් කර සිටි බවද වාර්තා වේ. තවද මහජන අර්ථසිද්ධි නඩුකර යටතේ මෙම සිදුවීම ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාමට සැලසුම් කර ඇති බවද ඔවුන් පවසා තිබේ.
යුරෝපා පාර්ලීමේන්තුවේ කොන්දේසි මෙයින් ලබාගත හැක
https://www.europarl.europa.eu/doceo/document/B-9-2021-0361_EN.html
තවද මෙම “jungle electronic music festival” පැවැත්වීමට දිසා වන කාර්යාලය පෙබරවාරි 17, 18, 19 දින සදහා පමණක් අවසර ලබාදුන්නද මෙහි සංවිධායකයන් 20 දින සඳහාද ටිකට් විකුණා ඇති බව වාර්තා වේ.
මීට අමතරව වනසතුන්ගේ ආරක්ෂාව ගැන කටයුතු කරන රාජ්‍ය ආයතන සියල්ල මෙම වැඩසටහනට අනුග්‍රහය දක්වා ඇති බවද National Alert සංවිධානය චෝදනා කරයි.
National Alert සංවිධානයේ සම්පුර්ණ ලිපිය