හදිසි නොවන සැත්කම් මදක් පමා කරන්නැයි රෝහල්වලට උපදෙස්!

ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන් හදිසි සැත්කම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත් හදිසි නොවන සැත්කම් පමා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල්වලට උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඔහු පවසන්නේ මෙම තීරණය ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය උපදේශකයන්ගේ උපදෙස්වලින් අනතුරුව බවය.
පවත්නා තත්ත්වය සළකා බලා යම් සැත්කම් ප්‍රමාණයක් කෙටි කාල සීමාවක් සඳහා පමා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් අංශය වෙත දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති නමුත් සමාජ භාවිතයක් ලෙස හදිසි නොවන සියලුම සැත්කම් සීමා කර ඇති බවයි.
සියලුම රෝහල්වල පිළිකා සැත්කම්, සිසේරියන් සැත්කම්, හෘද සැත්කම් වැනි හදිසි සැත්කම් සිදුකරන අතර, එම සැත්කම් අඛණ්ඩව සිදු කෙරෙන බව ද වෛද්‍ය විජේසිංහ මහතා පැවසීය.