මෝටර්ක්‍රොස් ධාවකයා අනතුරකින් මිය යයි

හොරණ, බුලත්සිංහල ප්‍රදේශයේදී ඊයේ සිදුවූ රිය අනතුරකින් ප්‍රමුඛ පෙළේ මොටෝක්‍රොස් රියදුරෙකු වන කෞෂල්‍ය සමරසිංහ ජීවිතක්ෂයට පත් ව තිබේ.
පොලීසිය පැවසුවේ, සෙනසුරාදා අලුයම මතුගම – හොරණ ප්‍රධාන මාර්ගයේ ගෝවින්න ප්‍රදේශයේදී මියගිය පුද්ගලයාගේ යතුරුපැදිය බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය.
කෞෂල්‍ය තවත් යතුරුපැදි තුනක සිටි ඔහුගේ මිතුරන් පිරිසක් සමඟ අධිවේගී යතුරුපැදියක් පදවා ඇති බව අනාවරණය විය.
මහරගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කෞෂල්‍ය හොරණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, බුලත්සිංහල පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.