2023 දී විදේශ ප්‍රේෂණවල වර්ධනයක්!

2022ට සාපේක්ෂව 2023දී විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන ලද ප්‍රේෂණ වල වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වේ.
එහිදී 2023 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 437.5ක් විදේශ ප්‍රේෂණ වශයෙන් ලැබී ඇති බවත් එය 2022 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 259.2 ලෙස වාර්තා වී ඇති බව දැක්වේ.
ඒ අනුව 2022ට සාපේක්ෂව 2023දී විදේශ ප්‍රේෂණ 68.8%ක (අමෙරිකානු ඩොලර් මිලියන 178.3) වර්ධනයක් පෙන්නුම් කර තිබේ.