වසන්ත පොලීසියට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක් දමයි!

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 167ක කාලයක් තමන්ව රඳවා සිටීම තුළින් මානව හිමිකම් කඩවූ බවට චෝදනා කරමින් වසන්ත මුදලිගේ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එමගින් පොලිස් නිළධාරීන් විසින් සිදුකරන ලද තර්ජනය කිරීම්, පැහැරගෙන ගොස් අනීතිකව විවිධ ස්ථානයන්හී රදවා තබා ගැනීම සහ බොරු සාක්ෂි ලබා දීම සම්බන්ධව අදාල නිළධාරීන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
