ඉන්දීය ණයෙන් ගෙන්වන බෙහෙත් 80% ක් ලියාපදිංචි නෑ! – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

 ඉන්දීය ණයෙන් ගෙන්වන බෙහෙත් 80% ක් ලියාපදිංචි නෑ! – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ මෙරටට ගෙන්වා ඇති බවට ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා චෝදනා කරයි.

එහිදී එම ණය යෝජනාව මගින් ඉන්දියාවේ ගුජරාට්හි පිහිටි Savorite Pharmaceuticals සමාගමෙන් ලංකාවට ආනයනය කරණ ඖෂධ වර්ග 36න් කිසිදු ඖෂධයක් මෙරට ලියාපදිංචි ඖෂධ නොවන බවත් ගෙන්වන සියලු ඖෂධ වලින් 80% මෙරට ලියාපදිංචි නොකළ ඖෂධ බව හෙතෙම පවසයි.

වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ ලැයිස්තුවෙන් ඉවත්කර ඇති ඖෂධ වර්ග මෙන්ම මේ මොහොතේ රෝගීන්ට අවශ්‍ය නොවන ඖෂධද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇතැයි ද පැවසේ.

එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් කමිටුව අනුමැතිය සඳහා දී ඇති ඖෂධ ලැයිස්තුවක ඖෂධ වර්ග 270 ක් පමණ මෙරට ලියාපදිංචි කර නොමැති බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටී.

Newspedia 02

Related post