ITAK පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) විසින් මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කර ඇති තම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරන ලදී.
එස් තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කළ මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.
ITAK හි වැඩබලන ප්‍රධාන ලේකම් ආචාර්ය පද්මනාදන් සත්තියලිංගම් මහතා ඇතුළු දෙදෙනෙක් මෙම රිට් පෙත්සම ගොනු කළේ මුලතිව් දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී, මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සෙසු සාමාජිකයින් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරමිනි.
මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාව සඳහා ITAK විසින් ඉදිරිපත් කර ඇති නාමයෝජනා පත්‍ර භාර ගන්නා ලෙස මැතිවරණ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විරාන් කොරයා සමඟ ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා පෙනී සිටියේය. මැතිවරණ කොමිසම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ දර්ශන වේරදූවගේ, නීතිඥ දර්ශනී කළුපහන සහ උෂානි අතපත්තු යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.