මිට්සුබිෂි සමාගම ලංකාව හැරයයි! – සැහැල්ලු දුම්රියත් හේතුවක්!

 මිට්සුබිෂි සමාගම ලංකාව හැරයයි! – සැහැල්ලු දුම්රියත් හේතුවක්!

ජපාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන මිට්සුබිෂි සමාගම මෙරට මෙහෙයුම් ලබන මස අවසන් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය ඇතුළු ජපාන නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරිමත්, අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්මත් මෙම හැරයාමට හේතු වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලූ බවට ද අමාත්‍යවරයකුට චෝදනා එල්ල වී තිබූ අතර එය රාජතාන්ත්‍රික මට්ටමේ ගැටලුවක් දක්වා වර්ධනය වී තිබිණ.

ජපානය හා ශ්‍රී ලංකාව අතර පැවැති මිත්‍රත්වය බිඳ වැටී ඇති බවත් එය යළි ගොඩනගා ගැනීමට නම් ශ්‍රී ලංකාව දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලය මාර්තු 31 වසා දැමීමට තීරණය කර ඇති බව දන්වා තිබේ.

Newspedia 02

Related post