පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසට අධිකරණය නියෝග කරයි!

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමට රීට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අද (10) විභාගයට ගැනිණ.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරමින් පවසා සිටියේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කිසිදු බාදාවක් නොමැති බවත් යොදාගත් දිනට මැතිවරණය පවත්වන ලෙසත්ය.