දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වැරුමක් අත ළඟ!

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ්‍ය) තනතුර සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් වහාම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) පවසයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර අද ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් කියා සිටියේ ඉදූෂිත විධායක නිලධාරියෙකු එම තනතුරට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවය.
මෙම දූෂිත නිලධාරියා පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේය. ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නවා වෙනුවට ඔහුට උසස් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඔහුගේ උසස්වීම අත්හිටුවීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඔහුට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් සංගමය ඉල්ලා සිටියි. එමෙන්ම දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කර නොවිසඳී ඇති තම ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසද ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
මෙම දූෂිත නිලධාරියා දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුරට පත් කළහොත් වහා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට පසුබට නොවන බව එම සංගමය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේය.