තැපැල් ඡන්ද ප්‍රකාශ කළයුතු දිනයන් මෙන්න..

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව දින ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව ලබන 22, 23 හා 24 යන දිනවල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදුකරනු ලබයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 15 වැනිදා සිදු කෙරෙන බවයි.