ගෝඨා ගෙනාව උන් පැනලා ගියා, වැරදි භාරගන්න උනේ අපිට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකරන බවට තම ස්ථාවරයව තිබියදී වියත්මග කණ්ඩායම සහ ජනතාව ඔහුව තනතුරට ගෙන ආ බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා අද පැවසීය.
වියත්මග මන්ත්‍රීවරුන් පැන ගිය බවත් අවසානයේ ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථකත්වයේ වරද භාරගැනීමට සිදුවූයේ තමන්ට බවත් ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.
“ගෝඨාබය රාජපක්‍ෂ ගේනකොට අපි කිව්වා එතුමාට රඟපාන්න බැහැ කියලා, එතුමාව ගෙනාවේ රටේ ජනතාවයි, වියත්මග වෘත්තිකයන්යි, අන්තිමට එතුමාව ගේන්න සම්බන්ධ අය පැනලා ගියා, අපිට ඔක්කොම දොස් ගන්න වුණා.”