එප්පාවල පොලීසිය ඉදිරිපිට පුද්ගලයෙක් මාරාන්තික උපවාසයක!

 එප්පාවල පොලීසිය ඉදිරිපිට පුද්ගලයෙක් මාරාන්තික උපවාසයක!

තමාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2008 වර්ෂයේ සිදු කළ පැමිණිල්ලකට මෙතෙක් එප්පාවල පොලිස් ස්ථානයෙන් නිසි පරිදී රාජකාරී ඉටු කර සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් එප්පාවල පොලිස් ස්ථානය ඉදිරිපිටදී පුද්ගලයකු අද (10) උදෑසන මාරාන්තික උපසාවයක් ආරම්භ කරනු ලැබීය.

පැමිණිල්ලට සාධාරණයක් ඉටු නොවූ තැන එප්පාවල පොලිස් ස්ථානයට කීපවතාවක් ගිය නමුත් තමන්ට එම පොලිස් ස්ථානයේ නිළධාරීන් බැණ වැදී එලවා ගත් බවත්, දුරකථනයෙන් මේ සම්බන්ධයෙන් විමසීම් කිරීමේදීද තමන්ට පොලිස් නිළධාරීන් පරුෂ වචනයෙන් බැන වැදුනු බව පවසයි.

ඒ අනුව තම ලියකිවිලි හා විරෝධතා පවුරු සහිතව එප්පාවල පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටි ගසක් මුළ ඔහු හිදගෙන මාරාන්තික උපවාසයේ මේ වන විටත් නිරත වෙමින් සිටිති.

මුලාශ්‍ර – අද

Newspedia 02

Related post