මේ ඡන්දේ අපි 50% ඉක්මවා ජය ගන්නවා ! – අපිට අභියෝග නෑ!

මාර්තු 09 වනදා පැවැත්වෙන මැතිවරණය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ සඳහා කිසිම පක්ෂයකින් අභියෝගයක් නැති බවත් පළාත් පාලන කොට්ඨාස 50% ඉක්මවා ජය ගන්නා බව ද හෙතෙම කියා සිටියි.
ඒ මහතා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.