මුජිබර් ගෙන් හිස්වූ පුටුවට ෆවුසි දිව්රුම් දෙයි!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතා අද (09) දින කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ 07 වැනි ස්ථානයට ඒ මහතා පත් වුණි.