කරන්ට් කපා කපා, විදුලි මිල වැඩි කිරීම ගැන මට කණගාටුයි!

ගත හැකි සියලු විකල්ප පිළිබඳ අවධානය යොමු කර අවසානයේ ගතහැකි එකම විකල්පය ලෙස විදුලි මිල වැඩි කිරීමට තීරණය ගනු ලැබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව විදුලිබලය අඛණ්ඩව ලබා නොදීම සහ විදුලි බිල වැඩි කිරීමට කටයුතු කිරීමට සිදු වීම පිළිබඳ රජය ලෙසත්, විෂයයභාර ඇමතිවරයා ලෙස තමා කණගාටු වන බව අමාත්‍යවරයා පවසයි.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අද (09දා) පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.