14 හැවිරිදි මල්ලී තම අයියා ඝාතනය කරයි

කළුතර දකුණ පොලිස් වසමේ තේක්කවත්ත, පලාතොට ප්‍රදේශයේදී 26 හැවිරිදි තම සොහොයුරා ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ සහෝදරයන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් 14 හැවිරිදි තරුණයා තම වැඩිමහල් සොහොයුරාට පිහියකින් පහර දී ඇති බවය.
ඔවුන්ගේ මව රෝහල් ගත කර සිටින තම පියා බැලීමට පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්ව ඇත්තේ තේක්කවත්ත, පලාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.