විද්‍යාඥයා ලොවට අහිමි වීමෙන් අනතුරුව ටොයෝටාවෙන් නිවේදනයක්!

 විද්‍යාඥයා ලොවට අහිමි වීමෙන් අනතුරුව ටොයෝටාවෙන් නිවේදනයක්!

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් වන ආචාර්ය විමුක්ති ජයවීර ශ්‍රී ලංකාවේ ග්‍රැෆින් ව්‍යාපෘතියේ විශේෂ කාර්‍යභාරයක් ඉටු කරමින් සිටි පුද්ගලයෙකි.

වයස අවුරුදු 37ක් වුණු විමුක්ති පහුගිය සිකුරාදා අපෙන් සමුගත්තේ කුඹුක ප්‍රදේශයේ සිදුවූ හදිසි අනතුරකිනි.

විමුක්ති මිය ගියේ මාර්ග අනතුරේ දී සිදු වූ ඍජු ගැටීමේ ප්‍රතිඵලයක් විදිහට නොවේ. අනතුරේදී සිදුවන ඝට්ටනය සමඟ ක්‍රියාත්මක වුණ එයාර් බැග් ආරක්ෂණ පද්ධතියෙන් විසිවූ යකඩ කැබැල්ලක් විමුක්තිගේ බෙල්ලේ ප්‍රධාන රුධිර වාහිනියක් කපා දැමීම නිසා සිදුවූ රුධිර වහනයෙනි.

විමුක්ති පාවිච්චි කල හොන්ඩා වාහනය ඇතුළු ලංකාවේ පාවිච්චි කරන සැලකිය යුතු වාහන ප්‍රමාණයක එයාර් බැග් සිස්ටම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ටකාටා (TAKATA) කියන ආයතනයෙනි. ඔවුන්ගේ එයාර් බෑග් ආරක්ෂණ පද්ධතිය ක්‍රියා කරන්නේ වාහනයේ සිදු වන ගැටීමක් සමඟ සිදුවන රසායනික පිපිරීමක් මගිනි.

ඇතැම් විට එම පිපිරීමෙන් එයාර් බැග් එක ක්‍රියාත්මක වීමේදී ඒ තුළ ඇති යකඩ විල්ලක් වැනි කැබැල්ලක් (metal cartridge) කැබලි වී වාහනය තුළට ඉතා වේගයෙන් විසි වේ. මේ යකඩ කැබිලි වෙඩි උණ්ඩය සේ පැමිණෙන්නේ බොහෝ විට වාහන පදවන පුද්ගලයාගේ පපුව හා ගෙල ප්‍රදේශයටය. ඒ අනුව පුද්ගලයාට මරණීය තුවාල සිදු වේ., විමුක්තිට සිදු වුණා වගේ. වාහනය පරණ වන විට මෙම පද්ධතිය සුළු ගැටීමක් නිසා පවා පුපුරා යාමේ අවදානම වැඩි වේ.

තත්ත්වය එසේ තිබිය දී ටොයෝටා සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ටොයෝටා කොරොල්ලා සහ යාරිස් වාහන මාදිලිවල ‘එයාර් බෑග්’ නැවත සකස් කිරීමේ විශේෂ වැඩසටහනක් පවත්වන බවය.

එම කටයුත්ත නොමිලයේ සිදු කරන බව ඔවුන් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය පහතින්..

Newspedia 01

Related post