රනිල් ජනාධිපති කරන්න පොහොට්ටුව ගත්ත තීරණය නිවැරදියි!

පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පක්ෂය විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට හේතු වූ ප්‍රධාන අවශ්‍යතා දෙක රනිල් වික්‍රමසිංහ විසින් සපුරා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
ඊයේ රූපවාහිනී සංවාදයකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන් ම සියළු දේශපාලන පක්ෂවලට රට තුළ දේශපාලනය කිරීම සඳහා සාමකාමී දේශපාලන වටපිටාවක් සකස් කළ බවය.
“ ‘අරගලය’ හේතුවෙන් අපට අපේ ගෙවල්වලින් එළියට බහින්න හැකියාවක් තිබුණේ නෑ. මිනිස්සු දේශපාලකයන්ටයි ඔවුන්ගේ දේපළවලටයි පහර දීලා ගිනි තබන තත්ත්වයක් තිබුණෙ. නමුත් රනිල් වික්‍රමසිංහ මේ තත්ත්වය වෙනස් කළා.”
බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ, දෙවනුව රනිල් වික්‍රමසිංහට ගෑස් පිපිරීම්, තෙල් පෝළිම් සහ පැය 10 ක විදුලි කප්පාදුව වැනි ප්‍රධාන ගැටළු විසඳීමට හැකියාව ලැබූ බවය.
“මේ වන විට, අපි ඒ වගේ සමාජ ගැටළුවලට මුහුණ දෙන්නේ නෑ. අපි විශ්වාස කළා ඔහුට ඒ වගේ ගැටළු විසඳන්න හැකියාවක් තියෙන පුද්ගලයෙක් කියලා, ඒක ඔහු ඔප්පු කළා”
හිටපු මුදල් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තේරීම නිවැරදි බව මින් පෙනී යන බවය.