පොහොට්ටු පොඩ්ඩන් 200 ක් ඉවත් කරයි!

 පොහොට්ටු පොඩ්ඩන් 200 ක් ඉවත් කරයි!

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන පක්‍ෂ හෝ සන්ධාන යටතේ තරග කිරීමට නාමයෝජනා භාරදී තිබූ මන්ත්‍රීවරුන් 200කට ආසන්න පිරිසක් එම පක්ෂයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරි මැතිවරණය සඳහා වෙනත් දේශපාලන සන්ධාන යටතේ තරග කිරීමට සූදානම් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන සන්ධාන යටතේ තරග කිරීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 200කට ආසන්න පිරිසකට ලිපි නිකුත් කරමින් සිටින බවද ඔහු පවසයි.

එම පාක්ෂිකයන් ඉවත් කර ඒ වෙනුවට නව සාමාජිකයින් පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) බදුල්ලේදී පැවති ඉදිරි මැතිවරණය සඳහා එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ රැස්වීමක් අමතමිනි.

Newspedia 01

Related post