ජනපති මැදුරෙන් සොයාගත් මුදල් ගැන ගෝඨාගෙන් කට උත්තරයක්!

2022 ජූලි 09 වෙනිදා ජනාධිපති මන්දිරය තුළ තිබී සොයාගන්නා ලද රු. මිලියන 17.85 ක මුදල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ, අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවය.
පසුගිය වසරේ මහජන විරෝධතා අතරතුර ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් මිලියන ගණනක මුදල් තොගය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර පොලිසියට නියෝග කළේය.
රාජ්‍ය විරෝධී මහජන උද්ඝෝෂණ අතරතුර විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අවස්ථාවේදී මෙම මුදල් සොයාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳුදා හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගිය බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා පැවසීය.