ග්‍රෑන්ඩ් ඔරියන්ටල් අධ්‍යක්ෂවරුන් පස් දෙනකුට සිතාසි!

 ග්‍රෑන්ඩ් ඔරියන්ටල් අධ්‍යක්ෂවරුන් පස් දෙනකුට සිතාසි!

Judge and gavel in courtroom

හොටෙල් කලම්බු ලිමිටඩ් (ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල්) ආයතනයේ සේවකයන්ට හිඟ අයවැය සහන දීමනාව වශයෙන් ගෙවීමට නියමිතව තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් නොගෙවීම හේතුවෙන් ඊට අදාළව කරුණු දැක්වීම සඳහා ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් පස් දෙනකුට සිතාසි නිකුත් කර ඇත.

මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ, හොටෙල් කලම්බු ලිමිටඩ් (ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල්) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන ජයම්පති චරිත රත්වත්තේ, එගොඩගෙදර ධනපාල සුමනසිරි, කාංචන රත්වත්තේ, රත්නසේකර ආරච්චිගේ රසාංගිකා ප්‍රියදර්ශනි සහ ධම්මික පුෂ්පකුමාර ගුණසේකර යන මහත්ම මහත්මීන්ටය.

මෙම සිද්ධියට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණේ දකුණු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස්වරයා විසින් ඉකුත් 2022 වර්ෂයේදීය.

(ලංකාදීප)

Newspedia 02

Related post