ආණ්ඩුව ආයෙත් රාජ්‍ය සේවය පුරවන්න එයි!

 ආණ්ඩුව ආයෙත් රාජ්‍ය සේවය පුරවන්න එයි!

දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම වෙනුවෙන් වන තරග විභාගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබේ.

ඒ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයදුම්පත් යොමු කළ හැකිය.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ අ.පො.ස. උසස් පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩනමින් පිරවීමේ අවශ්‍යතාව මත මෙම පියවර ගත් බවය.

එමෙන්ම අදාළ බඳවා ගැනීමෙන් පසුවත් ඉතිරි වන හා ඇති වන පුරප්පාඩු පිරවීම සඳහා අනෙකුත් උපාධිධාරීන් බඳවා ගැනීමට ද පළාත් සභා විසින් පියවර ගනු ඇත.

Newspedia 01

Related post