අමරකීර්ති ඝාතනයේ සැකකරුවෙක් පිළිකාවකින් මරුට!

ඉකුත් වසරේ මැයි 09 වනදා පැවති කලබලකාරී තත්වය තුළදී පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී ඝාතනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.
මියගිය සැකකරු හිටපු යුධ හමුදා සෙබළකු වන නිපුන බුද්ධික නැමැති නැමැති 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුට වැළඳී තිබූ බව කියන පිළිකා රෝගයක් හේතුවෙන් මහර බන්ධනාගාරයේ බලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියේය.