“අපි 13 හරහා ෆෙඩරල් අරගෙන තමා පස්ස බලන්නේ” – විග්නේෂ්වරන්

ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 13 ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම බලාත්මක කරන බවට පසුගියදා යාපනයට ගොස් පොරොන්දු වීමත් සමඟ රට තුල විවිධ පාර්ශව මගින් බලපෑම් හා සාධනීය ප්‍රතිචාර ලැබෙන්නට විය.
අද දිනයේදීත් භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තු දෙසට විරෝධය දක්වමින් 13 ව්‍යවස්ථාව බලාත්මක වීම නවතා දමන ලෙසට විරෝධතා සිදු කිරීමත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තාවයක් ඇතිවනු දැකගත හැකි විය.
කෙසේ නමුදු මෙම 13 ව්‍යවස්ථාව හරහා සියලු පළාත් වලට පොලිස් බලතල ලබාදීමටත් උතුරු නැගෙනහිර ඉඩම් බලතල ලබාදීමත් සිදු කරනු ලැබූ අතර එහි සඳහන් සම්පුර්ණ ව්‍යවස්ථාමය කරුණු බලාත්මක කර ගැනීම සිදුකරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසා සිටියේය.
මේ පිළිබඳව මාධ්‍යවේදීන් විසින් ඒ මහතාගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේදී පවසා සිටියේ “අපි ෆෙඩරල් ක්‍රමය අරගෙන තමා පස්ස බලන්නේ…” යනුවෙනි.
ඒකීය රටක් තුළ සෑම විටම බහුතර සිංහල ජනතාවගේ අදහස් පමණක් ආණ්ඩුවෙන් ඉෂ්ට කරන බවත් තමන් මහ ඇමති ලෙස සිටින විට එය අත්වින්ද බව විග්නේෂ්වරන් මහතා පවසයි.
එමෙන්ම රජය මගින් 13 හරහා ෆෙඩරල් ක්‍රමය ලබාදෙන බවට පොරොන්දු වූ බවත් එය ඉෂ්ඨ කලයුතු බවත් භික්ෂුන් වහන්සේලා විරෝධතා සිදුකලද “රට පාලනය කරන ඔක්කෝමල්ලා ඒගොල්ලන් ද ? එක එක්නෙකා එක එක දේවල් කියන්න පුළුවන්.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.