AKD කියන එකේ තේරුම ‘අනුන්ට කෙනෙහිළිකම් කරන දිසානායක’ – රෝහිණි කවිරත්න

කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු නොවෙන්නා සේ රතු පාට ඇඳගෙන කැට සොලවපු ජනතා විමුක්ති පෙරමුණ වෙනත් නමකින් හා වෙනත් ලකුණකින් පැමිණියත් වෙනස් වී නැති බව ජනතාව තේරුම් ගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය පවසයි.
එමෙන්ම ඒ මහත්මිය පවසන්නේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට AKD ලෙස හඳුන්වන්නේ “අනුන්ට කෙනෙහිළිකම් කරන දිසානායක” නිසා බව ඒ මහත්මිය කියා සිටි.
එමෙන්ම කාන්තා නියෝජනය වැඩි කිරීමට තම පක්ෂයට වැඩි උවමනාවක් තිබුණද හෙදියන්ගේ උකුළ, ලැම ගැන පවසන ලාල් කාන්ත වැනි නියෝජිතයන් සිටින ජාතික ජනබලවේගයේ කාන්තාව ගැන පවතින ප්‍රතිපත්තිය කුමක්ද යන්න බව රෝහිණි කවිරත්න මහත්මිය ප්‍රශ්න කර සිටී.