ව්‍යාපෘති කාර්යාල 55 ක් වසා දැමීමට රජය තීරණය කරයි.

දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර තිබේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බවය.
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන එච්.ටී. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කර තිබුණි.
ඒ අනුව මෙම කාර්යාල 55ම වසා දමන්නේ ද යන අවසන් තීරණය ඉදිරියේ දී ගැනීමටත් ජනාධිපතිරයා එකඟත්වය පළ කර තිබේ.