චාල්ස්ගේ ඉල්ලා අස්වීම රනිල් පිළිගනී.

මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය (PMD) පවසයි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇයට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.
මීට පෙර චාර්ල්ස් මහත්මිය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස් වූ බව වාර්තා විය.