ඊයේ අනුමත වූ කැබිනට් තීරණයෙන් මැතිවරණය කල් යයිද?

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පැවැත්වේද යන තීරණය එළඹෙන 10 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීරණය වනු ඇති බවට මේ වනවිට වාර්තා වෙමින් පවතී.
ඒ මැතිවරණය පැවැත්විය යුතු බවට පාර්ශව කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් වල අවසාන තීරණය එදිනට ලබාදීමට සැලසුම වී තිබේ.
මෙහිදී රජයේ පාර්ශවයෙන් මැතිවරණය පැවැත්වීමට අපහසු කාරණා ඉදිරිපත් කරනු ලබන අතර ඒ සඳහා ඊයේ (06) දින කැබිනට් මණ්ඩලය අනුමත කළ යෝජනා අතර අංක 13 යටතේ ඇති තීරණය මැතිවරණය පැවැත්වීමට අදාළව බලපාවි යන්න දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.
ඊයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමතකල යෝජනා අතර දුෂ්කර අවස්ථාවලදී මහජන සේවය සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම සීමා කිරීමට අදාලව එම තීරණය ගෙන තිබේ.
එම යෝජනාව මෙසේයි…

ඊයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමතකල යෝජනා