විනිසුරුවන් තිදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු විනිසුරුවරුන් තිදෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු K. P. ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දුන් අතර අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
මේ අතර මහාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.