මැතිවරණයේ දින ගැන කිසිඳු මුද්‍රණ කටයුත්තක් සිදුකර නෑ! – රජයේ මුද්‍රණාලය

 මැතිවරණයේ දින ගැන කිසිඳු මුද්‍රණ කටයුත්තක් සිදුකර නෑ! – රජයේ මුද්‍රණාලය

පළාත් පාලන මැතිවරණයට අදාළව දින සඳහන් කරමින් ලිපි ලේඛන මුද්‍රණය කිරීමේ කටයුතු සිදුනොකරන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය ඊයේ (05) ප‍්‍රකාශ කරන ලදී.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වන බවත් එහි තීන්දුව ලැබෙන තෙක් මැතිවරණයට අදාළව සිදු කෙරෙන වැඩ කටයුතු සිදුනොකරන බවත් ඒ මහත්මිය පවසයි.

රාජ්‍ය ආයතනවල සේවාවන් සිදුකිරීමේදී ඊට වැය වන මුදල කලින් ලබාගෙන කටයුතු කරන ලෙස රජය ලබාදී තිබෙන උපදෙස් අනුව කටයුතු කිරීම රජයේ මුද්‍රණාලය සිදුකරන බව ගංගානී ලියනගේ මහත්මිය පවසා සිටී.

මන්ද යත් මැතිවරණයට අදාළ කටයුතු සිදු කිරීමට මුද්‍රණාලයට රුපියල් මිලියන 200 ට වඩා වැයවන වන බැවිනි.
තිබෙන උපදෙස් අනුව මුදල් ලැබීමෙන් පසු සිය කාර්යයන් ඉටුකරදීමට මුද්‍රණාලයටත් සිදුවන බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ඒ අනුව දැනට මුද්‍රණ කටයුතු සිදුකරනු ලබන්නේ සෑම මැතිවරණයකටම අදාළ වන ලිපි ද්‍රව්‍ය පමණක් බව මුද්‍රණාලාධිපතිනිය වැඩිදුරටත් පවසන ලදී.

Newspedia 02

Related post