ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිට තර්ජන! – ප‍්‍රවාහන ඇමති කෙනෙකුත් හවුල් ලු!

නුගේගොඩ ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතාට දුරකථන මාර්ගයෙන් ඉල්ලා
අස්වෙන ලෙස පවසා තර්ජන පැමිණෙන බව ප්‍රධාන පුවත්පතක් සමඟ ඒ මහතා පවසයි.
එමෙන්ම ප‍්‍රවාහනයට අදාළ ඇමැතිවරයකුගෙන් ද තමන්ට ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ලවෙමින් ඇති බව ඒ මහතා අනාවරණය කරයි.
මෙසේ තමන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් තර්ජන පැමිණෙන්නේ පගා ගහන ගුහාවක් වී පැවති ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය තමන් පැමිණි පසු නිසි ක්‍රියාමාර්ගයකට ගැනීම නිසාවෙන් බව වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා පවසා සිටි.
මේ හේතුවෙන් අදාළ ඇමතිවරයාට හා ආයතනයේ පිරිසකට පගා ගැසීමෙන් ලැබෙන අදායම අහිමිවීම නිසා මෙම තර්ජන සිදුකරමින් තමන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.