දරු දෙදෙනා ද මරා දමා පියා දිවි නසා ගනී!

අරණායක, පොල්අඹේගොඩ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් තම දරු දෙදෙනා මරාදමා සිය දිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.
පොලීසිය පවසන්නේ දරු දෙදෙනා අවු. 2 සහ අවු. 7 යන වයස්වල පසුවන්නන් බවය. මෙම සිදුවීමට ආසන්නතම හේතුව පවුල් ආරාවුලක් බව ද වාර්තා වේ.
ගෙල වැල ලාගෙන ඇති පියාගේ සිරුර සොයාගෙන තිබේ.
අරණායක පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.