තුර්කියේ මාරාන්තික භූ කම්පනයෙන් මියගිය පිරිස 500 ඉක්මවයි!

තුර්කිය සහ සිරියාව අතර දේශ සීමාවේ මාරාන්තික භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වේ.
භූ කම්පනය හේතුවෙන් 500කට අධික පිරිසක් මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
එම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.8ක් ලෙස දැක්වෙයි.
භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා ඇති අතර, සිරියාව සහ ලෙබනනය ඇතුළු කලාපය පුරා රටවල් කිහිපයකට භූමිකම්පාව දැනී ඇතැයි වාර්තා වේ.
තුර්කියේ උප ජනාධිපති Fuat Oktay පවසන පරිදි තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 284 දෙනෙකු මිය ගොස් 2,300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
අසල්වැසි සිරියාවේ, අවම වශයෙන් පුද්ගලයින් 237 දෙනෙකු මිය ගොස් 630 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු උපුටා දක්වමින් සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය SANA වාර්තා කළේය.
අලෙප්පෝ, ලටාකියා, හමා සහ ටාටස් යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.




