තුර්කියේ තවත් භූ කම්පනයක්! – ශ්‍රී ලාංකිකයන් 09 ක් ගැනත් තොරතුරු!

 තුර්කියේ තවත් භූ කම්පනයක්! – ශ්‍රී ලාංකිකයන් 09 ක් ගැනත් තොරතුරු!

තුර්කියේ තවත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එය රික්ටර් මාපකයේ 7.5ක අගයක් ගෙන ඇති බවය.

ඉන් සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

එමෙන්ම මීට පෙර රික්ටර් මාපකයේ 7.8ක අගයකින් ඇතිවූ භූමි කම්පනය තුළින් මේ වනවිට ජිවිත 1400 ක් පමණ අහිමි වී ඇති බව වාර්තා වේ.

තවද එම ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් 09 දෙනෙකු සිට ඇති බවත් ඉන් 8 දෙනෙකු මේ වනවිට සම්බන්ධ කරගෙන ඇති බවත් තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති උරුගොඩවත්ත මහත්මිය පවසයි.

Newspedia 02

Related post