ජයසූරිය ජාජබට කැන්වසින් ගිය කතාව බොරුවක්!

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මෙවර ජාතික ජන බලවේගය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට සහභාගී වූ බවට දක්වා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ.
සනත් ජයසූරිය මහතා මැතිවරණ ප්‍රචාරණයකට එකතු වී ඇත්නම් තවත්, ඡායාරූප තිබිය යුතු බැවින් එදින ලබා ගත් සනත් ජයසූරිය මහතා මැතිවරණ ප්‍රචාරණයක නියැලෙන වෙනත් අවස්ථාවන් වල ඡායාරූප නොමැත. ඉහත ඡායාරූපය විනා වෙනත් ඡායාරූපයක් දැක ගන්නට නොලැබුණි.
මේ හේතුවෙන් සනත් ජයසූරිය මහතාගෙන් සිදු කළ විමසීමක දී ඔහු සඳහන් කර ඇත්තේ, තමන් කිසිදු පක්ෂයක මැතිවරණ ප්‍රචාරණයකට සහභාගී නොවූ බව ත්, මෙය අසත්‍ය බවත්, තමන්ගේ නිවස ඉදිරිපිටදී තමන් වෙත ලැබුණු අත්පත්‍රිකාවක් බලන අවස්ථාවකදී කවුරුන් හෝ ලබා ගත් ඡායාරූපයක් මෙලෙස අවභාවිත කරමින් වෙනත් අර්ථකථනයක් ලබා දී ඇති බවයි.
එමෙන්ම ඔහු ඉහත සටහන සඳහා ද, ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.
