ජනාධිපති සජිත් යටතේ හොරු අල්ලන ඇමති මමයි!

 ජනාධිපති සජිත් යටතේ හොරු අල්ලන ඇමති මමයි!

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිත්වයෙන් යුතු සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ හොරු අල්ලන රාජකාරිය තමන් භාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා පවසා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම වගකීම තමන්ට ලබාදෙන බවට පැවසූ බවයි.

අත පෙවීම් වලින් තොරව එම කටයුත්ත තමන්ට කරන්නට දුනහොත්, තමන් එම කටයුතු සිදු කරන බවත් ජනතාවට නිදහසේ තම ජීවිතය පවත්වාගෙන යාමට හැකි පරිසරයක් ඇති කරන බවත් ඔහු පැවසීය.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ලද පානදුර නගරයේ ජන රැළියේදී ඔහු මෙම අදහස් පළ කළේය.

Newspedia 02

Related post